letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sankari - santhur

Loading...

හිතට හරි නෑ සංකාරී
ගොම්මනෙ නටමුද කංකාරී
ඔමරි පානා මනමාලී
මල්වර නැකතට හිත ඕනී

පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

නෑ ගම් එනකොට මාමගෙ සැරවැර ගානට අඩුවේවී
රාටික තොලකට ගෑවෙන ජාමෙට මාමත් බහදේවී
ඔන්න මාගේ ආලේ පාලා නාඹර රූපේ කෝලකලා
ඉන්න මාගේ හීනේ වීලා ජීවිතකාලේ ලඟට වෙලා
සිරිය ගේනා හැඩකාරී
ඔච්චම් පාමුද මනහාරී
දපනෙ දා මා මනමත් වී
මා ගත රෑ මැද සැනසේවී

පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

rap

අනෙ අනේ පෑගූනා වගේ කඩි ගුලක්
උඹත් එක්ක නටන්න ආසයි වරු තුනක්
හැබැයි මම ඉඳ හිට කෙලියොත් නම් හොඳ බුලක්
දාලා යන්න නම් හිතන්නවත් එපා දිලා මට දුකක්

උඹ රූන් පෙත්ත වගේ කැරකිලා
පාටීයම ටියුන් වෙලා ගියා ඇඹරිලා
ඉතින් චූන් එකේ උඹත් එක්ක සැනසිලා
යන එක තමයි අරමුණ මට වැලලිලා

දැන් නම් වදින්නේ නෑ වගේ තිරිංග
දැන් මුලු ඇඟේම ලව් feelinga
මහ මෙරක් වටින මගෙ පණ ඩිංග
උඹ ගියොත් හුස්ම ටික නවතීද

හිතට හරි නෑ සංකාරී
ගොම්මනෙ නටමුද කංකාරී
ඔමරි පානා මනමාලි
මල්වර නැකතට හිත ඕනී

පේන දුරින් හාදු තියා සෙක්කුව වාගේ කැරකීයං
නවම් මහේ සාද දමා කරකාරෙට කැන්දන් යන්නං

letras aleatórias

MAIS ACESSADOS

Loading...