letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de abbahi wela / "ඇබ්බැහි වෙලා" (addicted) - rude boy ray

Loading...

verse 1 : (rudeboyray)

මේ රෑ…. කළුවර කාමරේක මං තනිවෙලා
මනුස්සකම ජීවිතේ හිඩැසක් වෙලා
සිරසත් බරෙන් තිරිසන් – තිරසක් වෙලා
පිහි තුඩක් දිලිසෙනවා මගේ ලෝකෙට අන්ධකාරේ තරු එළියක් වෙලා….
මගේ මනසේ overdose වෙලා, american හීනයක්
මොළේ සෛල වලගේ අරාජික කාලයක්
කණ කැස්බෑවෙක් මං, විය සිදුරෙන් අහස බලන
දැවෙන – තැවෙන මගේ මොළේ මගේ ම හදවතේ බිත්තිවල ගගහා අඬන….
ජීවිතේම බොරු…. හදවතින් ම හොරු අපි
ඇබ්බැහි වෙලා – තුප්පහි වෙලා – කුම්මැහි වෙලා…. හමදාමත්
මට මැරෙන්න බැරි හින්දා උන් මරං – ලෝකෙ ට පේන්න සුවඳ දුම් අරං
නිස්සාර ලොවක – අස්ථාර මගක – ප්‍රස්ථාර රූප, මම ප්‍රෙහේලිකා ඇඳන්….
දැක්කා හීන මම – මැව්වා හීන පැතුම් සිතැඟි පරිද්දෙන් හැමදාම රෑට
ඈත තරු දිහා බලන් පියවි ලෝකයේ වායුගෝලය ට ගිනි අරන් විසි වෙන
යන පාරේ මගින් මග නැවතිලා හොයනවා දෙවියනේ මගේ ජීවිතේ කෝ ?
ජීවයක් නෑ අද මගේ ජීවිතේ මගේ හිතත් දැන් වෙලා පෝසිලේන් ඩෝ…!
ප්ලාස්ටික් ලෝකෙක පස් කකා – කරනවා යථාර්ථය නිෂ්ප්‍රභා
කාළකන්ණිකමේ සිවිලිම යට මම මගේ ආත්මය හිස් කලා
මං හදපු ප්ලාස්ටික් හීන උණුවෙලා, වැක්කෙරෙද්දී ඒ හීන දියවෙලා
මගේ ම ප්ලාස්ටික් හීන වලින් අද මගේ ම ආත්මය පිච්චිලා…
පාට පාට බොරුවකට ධූර්තවෙලා, මගේ මනුස්සකම් ධූරීන්භූත වෙලා
පිහියක් අරන් – දිනුමක් හොයන් – මිටමොළවන් යනවා මං වාෂ්ප වෙලා
හත්පොලක ට ඇනගෙන ගියත් මට මගේ හීනවලින් මගේ ආත්මය පිරේ
හීන දකින එක වැරැද්දක් නම් මම ජීවීතාන්තය දක්වා හිරේ….

hook : (harindu)

පාවී සිහිනය ක මා සිර වී…. කිමිදිලා….
සිතුවිල්ලක පාර සොයනා…. මා….
කොටු වී, කැඩපත තුළ මා ගොළු වී…. ඇබ්බැහි වෙලා….
සිතුවිල්ලක පාර සොයනා…. මා….

verse 2 : (minol)

දිව අග නෙත්..
ත්‍රිවිද හිර නිවන – විලිද මම නිවන
ගිලෙන දියක මම කැඩපතකින්
සුගඳ හමන – දුගඳ හමන, භූගත වූ ගතේ සිතුවිලි පැලඳගෙන විත්
ප්‍රිස්ම හතක – විස්මක් ඇති මිනිසා ත් තිරිසනෙක්ම දැයි
අමතක වී – සඳ බොඳවී…. අනුබල දීමක් නැති වේදිකාවක පියමැනගෙන
වීදි කැරකෙන – නීති නැලවෙන – පීලි පැනගෙන – බැනගෙන මම ත් රෙදි ඇඳගෙන
දිවි සැණකෙළි මිත්‍යා – විද්‍යා වෙන හිත් යා වෙන්නෙ ම රෙදි ගැලවෙන..
සිහිය පැනගෙන – පිහියක් අරගෙන,… කීතු – කීතු වී, සිහින පීනමින්..
පණ තියන පෑන නෑ දැන්, දෙවියන්ට බාරත් නෑ දැන් මං..
දෙවියන්ට බාරත් නෑ දැං මං.. ///
දෙවියන්ට බාර….
සාධුකාර හිත් – භාරහාර පින් – කාගේ කාගේ හිත් – අන්ධකාර..
මං ද මානසික්.. ? මං ද මානසික්.. ? කණ ට ගහගත්තා අනන්ත වාර..
දකින දේ අලසයි හිතන වෙලාව..
කැඩපතට ම කෙළ ගහලා විලාප..
සර්! සර්!!.. මේ අන්තිම පාර, ඒත් තාම මගේ අතේ පෑන..
ඒත් තාම මගේ අතේ පෑන.. ///
ඒත් තාම…..
බිඳ දැහැන දෙවියන්ද මා ?
විඳගෙන සැහෙන ගිනි කන්දරාවල්
හෙට ඉර පායනකොට මට ආතල්
ඒත් ඉර පායනකන් කන චාටර්..
සවනට.. හරිද, බලු ද, කිලි ද
විනිවිද හිඩැස්, ඉඳගෙන විඳගෙන මං..
වෙනස නම්, වෙනස මං
මිළ කල මිනිසාය.. පිණිසම තිබහක්..
වෙස්ට්නාහිර….

letras aleatórias

MAIS ACESSADOS

Loading...