
letra de ape hadhakam | අපෙ හාදකම් - uzi senadeera
[chorus]
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
[verse 1]
හැමදාම ප්රශ්න
හැමදාම රණ්ඩු
උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු
මතකයි අතින් අල්ලන් මට දුන්නා පොරොන්දු
හොයනවා තාමත් දෙන්නා කොතනද වැරැද්දු
පළමුපාර මම දුන්නා සමාව
දෙවෙනිපාර අඳුර ගත්තෙ මම කෙනාව
මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම
ලබන භවේ හරි වරෙන් මං විතරක් පතාන
මං අහන්නෙ උඹෙනුයි කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උඹ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට මම තනියම
කාලයක් මගෙ හිතේ උඩින් හිටියෙ නුඹයි
සුදු දෝණි එන්න ළඟට, ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි
පස්සෙ, පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි
උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි
[chorus]
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
[verse 2]
මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උඹත් එක්ක දහස් ගනන් කාමෙ යදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනවා
මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකෙ දවලා, අළු කඳුළු ගඟේ පා කරේ
මම නැවියෙක් නැව මුහුදු බත් වුණ
තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරේ
මට ඕන් නෑ කවදාවත් ඔයා නිසා අඬන්න
වැලපෙන්න, මැලවෙන්න, කඳුලෙම තනිවෙන්න
කැමතියි වැටුණ තැන ඉඳන් ආයෙ නැගිටින්න
අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න
කාලකණ්ණිකම රජ වුණා
කටෙ දුම දාගෙන මැලවුණා
බොරු මූණ දාගෙන, කරබාගෙන, සමාජෙට මම හිනා වුණා
හිත ඇතුලෙන් තව ඇවිලුණා
හද පතුලේ දුක ලියවුණා
මගෙ හීන දෝතට අරගෙන දුක අළුයට මම වැලලුවා
මට ඕන මගෙ හිනාව
හොයන්නෙ පරණ මාව
මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
කඳුළු ඉපදුණා මන්දාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපෙ කතාව
[bridge]
හන්තාන හීනයක මං තනි වුණා
අද මං ගාව සතුටින්ම මං හිනහුණා
මං තාම මගෙ ලෝකෙ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුණා
[chorus – female]
අපි ගෙවන ජීවිතේ වාඩුවක්
උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්
උඹෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොඳටම පාරපන්
මට ඇති දැන් උඹෙ බොරු නාඩගම්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
letras aleatórias
- letra de cartier - daerrn grey
- letra de erase the memory - cheeselord1
- letra de racks don't talk back - key!
- letra de we can fly - cl0akz
- letra de ya no estoy ahí - carboney
- letra de utang - soulstice
- letra de cvk anthem - young birkenau
- letra de hold onto me - music travel love
- letra de beer ain't gonna drink itself - jason cross
- letra de fanta seaworld - me oh myriorama