letra de olu pipila - sunil santha
Loading...
ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙළා ලා මාල ගොතා ලා
දෙන්න ද සුදු නංගෝ
එන්නැ දියේ බැස මා හා
දෙන්නැ ඔබේ අත මාලා
ඕලු නෙළා ලා මාල ගොතා ලා
පළඳිමු අපි මාලා
වැල නො කැඩී පෙම් කෙළිමින් යන්නෝ
දංඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැනැ පැනැ යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබෙයි ඒ මාලා
ඕලු නෙළා ලා මාල ගොතා ලා
පළදිමු අපි මාලා
මා පරදිනවා ඔබගේ දෑතට
මට ලජ්ජැයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩි වෙයි මාලා
ඕලු නෙළා ලා මාල ගොතා ලා
පළඳිමු අපි මාලා
ඕලු නෙළා ලා මාල ගොතා ලා
පළඳිමු අපි මාලා
letras aleatórias
- letra de visceral - blake
- letra de falling slowly - glen hansard & markéta irglová
- letra de кит - марсель
- letra de jus wanna - kevin gates
- letra de intentions - macklemore
- letra de melamarmu - badai romantic project
- letra de tell me everything - pnb rock
- letra de imitation hero. - dadaroma
- letra de бэбифэйс - 104 feat. truwer
- letra de berceuse pour carlitos - juliette