
letra de 08. brunaya. [single edit] - rudeboyray
intro :
පමාවෙලා වුණත් එනවා වසන්තය
ඇස් ඇරගෙන බලපන් අනන්තය
රඟ මඬලේ මේ අවසන් අංගය
ඈතින් ඇහෙනවා මට “පවන” ප්රසංගය…
කඳුළු වැටෙනකොට වෙලා හිරිකඩ
පාරාදීසයේ මුවදොර පිණි මත
අඟුරකින් ලියන් වදනක් පරිනත
පලක්කට්ටුව කියවන පාඨක පිරිසට…
අත් උස්සන්න හෝරාව – කණ් පුපුරන්න ඝෝෂාව
පුරවැසියන් ගෙ ඕරාව – ඇහැරිලා උන් නිදන් හිටි කෝමාව…!
verse 01:
සංස්කෘතියත් අමුඩ රෙද්දක්, කෙළෝගද්දී විලි වහන් කටමැත-දිව මැද්දත්
බෙදුනා ඇති නේද තියාන පැත්තක්, උලතිබ්බා නෙළුම් කුළුණේ ලක් මෑණියන්ගේ පස්සත්
වඳ බෙහෙත් නෙවෙයි creativity මරලයි උන් නිළීන කළේ අපේ ජාන
උන්ගෙ මළපහේ කැටයම් දාන, මල් ගවුමත් අවධාන ගණිකාවක් තාම…
තිබ්බා ලේ මස් ඇස්වටය උස ට ඒ trauma වලින් lock වුණා දොර පල්ලියෙත්
කලා කීර්ති අභිමානය බඩ වෙද්දි, කවර් කරන් කලාව කෑවා කටු බැල්ලියෙක්
“සලාංහන්තේ” මැරිලා ද අද වෙද්දි කඩේ ගිහිල්ලා ම දාගෙන බහුශ්රැත caption
වස්කවි බැරි නම් කම් නෑ “ගඟ දිගේ” ඇවිත් සවුදමක්වත් කියපන්කෝ ජැක්සන්…
ළංවෙද්දි ඡන්දයක්, ගුටි කෑවේ පිළිමයක් දේශපාලන සාක්ෂරතාවය nil නිසා
අවුලවන්නේ කොහොමද අප්පච්චී අද හැම එකාගෙම දෙවිගොල්ලො හෙණ fit නිසා
රෙද්ද පල්ලෙන් උන්ගෙ ජාත්යාලේ බේරෙද්දි ඒ රෙද්ද අස්සෙත් හිල් නිසා
බුරන බල්ලන් ට thrill නොදී ඉඳන්, උන්ගෙ දෙයියා මොකා වුණත් අපේ එකා chill නිසා…
verse 02:
බඩගින්නට නළුවෙක් කාපන්, උස් අසුන්වල හිස් මොළවලින් අහපන්
උපන්දා ඉඳන් හීන මරන රටේ මට කියපන් ඇයි ගබ්සා තහනම්..?!
අමෝරන් දුක කීරි ගාන කිණිස්ස, ගෙනාවත් කඳුළු හැඟීම් නැති canister
මුර දේවතා එළි පිරිස, තිබ්බා ද වෙඩි රාජ්ය සේවය පිණිස
උසිගන්නද්දී මිනිස්සු පස්සේ උන් n-z- බල්ලෝ uniform ඇඳි ත්රාඩයන්
නිවහල් ශුක්රාණුවකින් සැදි යුක්තානුවකින් උපන්නා නව ප්රාණයන්
තුවක්කු බටවලට පණ නොමැති ඉඩ දෙද්දි අමන පණ ඇති කෲරයන්
කළකිරීමෙයි, අධිෂ්ඨානයෙයි ශේෂය විය මේ විමුක්තිකාමී භ්රෑණයන්…
එකමුතුකම හයියයි, එපා වෙන කිසිදෙයක් මට එක අවියක්වත්
බැස්සෙ නැති උන් පාරට අඩුගානේ ලියපල්ලා එක කවියක්වත්
චිත්ර බැරිවුණත් මොකද අවුල? ඇඳපල්ලා කුරුටු බලියක්වත්
සිංදු දන්නැත්තම් කෑ ගහපන්, හඬගාපන් අදාල ම නෑ මොන සෘතියක්වත්…
ආහ්! මේක ගමන්ක් අසීරු
ඔව්!! කෙළින් කරගනින් කශේරු
හා!!! නොකා ඉන්න නම් කනේරු
update නම් වෙන්න ම වෙයි මොළ නොමේරු…
ජන පවුරක ගඩොලක් වෙයල්ලා
මර්ධනය ට පළිහක් වෙයල්ලා
එකාවන්ව එක හඬින් කියල්ලා
“යටත්වැසියෝ – “පුරවැසියෝ” වෙයල්ලා…
වර්ජනයට කළු කොඩි අරන්, අපි වාරු නොමැති උන්ගේ අත්වලින් අල්ලන්
barrier වලත් ribbon ගැට ගහන්, මායිම් නොකර කුළී දඩ බල්ලන්
උන් හැම සමූල ඝාතන කළ, අපේ හීනවල අයිතිය ඉල්ලන්
වරෙන් අපි යං – විරෝධය පාං, දහසක් අත් මැදගිල්ල උස්සලා අහස ට….
letras aleatórias
- letra de candyflip - dimelo ayb
- letra de panther slide - the hÿss
- letra de new texas - young zion 6600
- letra de how are you - haww
- letra de evil - doom flamingo
- letra de respiração do amor (kimetsu no yaiba) - malía (rap de anime)
- letra de sympathy - shin jimin
- letra de your love's keepin' me tonight - blake rayne
- letra de 20hours - 2nd in command
- letra de nectar - tommy newport