
letra de 02. deshapalana pakaya. [black edition] - rudeboyray
verse 1 – ( rudǝboyray )
කටු කන බල්ලො රැලක් ඉස්සර කරන් පිංඩපාතේ යනවා හොරු රැළක්
කොටුවට කතිරෙ ගහන්න බලන් ඉන්නවා එක මවකගේ දරු කැළක්
එකට කන එකා එක්ක මරාගෙන, රෙදි ගලවන් ඒවා ඔළුවෙ වනාගෙන
එළුවා ගේ ඇටේ වැටෙනකන් බලාගෙන, කඩියෙක් කනවලු පස්ස හපාගෙන…
වෙරි මරගාතේ යද්දී පෙරමුණේ රාළ, හුරේ දාගෙන තොපි පෙරහැරේ තාම
උස පුටුවට හෙට දිශ්ටිය දාන්න, රේස් එකේ දුවනවා ගොන් බාන
උන්ගේ අත්තනෝමතික පොරොන්දුවල, දිස්නෙට ගිණිකන වැටිලා
දෙමළ පත්තරේ වුණත් නිකං දෙනවා නම් ගන්නම් මහත්තයෝ වැඳලා…
මේවා “හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන්” ගේ සුරංගනා කතා වලටත් වඩා හරි ඩ්රැමටික් පුතා
අත හරින ගජබින්න වැඳගෙන, වැළඳන් ඉන්නේ අහගෙන බලාගෙනයි පරෙස්සමින් ඉතා
ඉපදෙද්දිම ණය කාරයෙක් කළාට ඉල්ලපන් උන්ගෙන් වන්දියක්
තොපි රටේ බුද්ධිමත් ජනතාව කියලා උන් උඹලා ට දාන්නේ කින්ඩියක්….
මේ හැමදෙයක්ම trick එකක්, උන් ලිව්ව cinematic script එකක්
උඹත් මමත් ඒ plan එක අමුණන හසරක් නොදන්න clip එකක්
මුන්ගේ කාළකණ්නි ප්රතිපත්ති ප්රකාශන අයිසින් කරවපු අසූචි ගොඩක්
රට මෙතැනට ගෙන ආ ඡන්ද දායකයිනි, සිංහයා මරන් කෑවට ස්තූතියි තොටත්…..
verse 2 – ( rudǝboyray )
දේදුන්න ට කලින් වහින එක නියතයක්, අපි නටඹුන් එක්ක පවුල් කන ජාතියක්
නිමිති බලන් අන්ධකාර රාත්රියක, අද රෑ නිල මැස්සන්ගේ සාදයක්
ආණ්ඩුවල උන් කපන් යනකන් බෙලි, විපක්ෂයෙන් අඹරනවා ලු ගුලි
වාමාංශික උන්ගේ ප්රාසාංගික ටෙලි, අවකෙලි කිසිවෙකු නොකියන මැසිවිලි….
මේක විමර්ශන බුද්ධියේ මොට්ටකම, අපි තමයි කාළකණ්නි කට්ට කන
අපි කනවා කට්ට ඒත් මදේ කන්නේ වෙන එවුන්, හැන්ද අතේ තිබ්බා ට බෙදාගත්තේ පිට එවුන්
වැඩවසම් ක්රමයේ ප්රවේණී දාසයෝ තාම ලෑස්තියි මහා එකාලට කඹුරන්න
සිටි සිටි ගාලා මනාප වැටෙන්න රට, ජාතිය, ආගම ගැන විකුණන්න….
හැමදාම ඡන්දෙ දෙන්නේ එන එකා හොඳ නිසා නෙවෙයි ඉන්න එකා හොඳ නැති නිසා
උන් හැමදාම වැජඹෙන්නේ උන් හොඳ නිසා නෙවෙයි අපි තවමත් හෙළුවෙන් නිසා
මෙච්චර කැප වෙලා සේවෙ කොරන්න එන්න ඔච්චර තියේ ද ආලේ ?
කොච්චර දුන්නත් මදි ඇයි අනේ! බඩේ හිඟන්නෙක් ද මාමේ ?…
විභාගයක ට වාඩි කරවලා අහපන් දන්නවා ද හොයන හැටි වර්ගඵලය
විධායකය ට කලින් අහෝසි කළ යුතුයි ලාංකික සර්වජන ඡන්දබලය
පාට කණ්නාඩි වලින් ඇස් අන්ධවෙච්ච උඹලා යි දුන්නේ උන්ට බලතල
මේවා සීයට සීයක් ම අපේ ම ගොන්කන් වල උත්තරීතර ප්රතිඵල….
ajith k-marasiri-
මං ඔයාට කැමති නෑ
මං ඔයාට කැමතිම නෑ
දේශපාලන පකයෝ!
මම ඔයාට මනාපේ දෙන්නෑ…!
letras aleatórias
- letra de re distortion - hanumaan
- letra de i will never let you down - r3hab remix - rita ora
- letra de run it up! - gnarly love
- letra de alpha energy on da block - seanbruv
- letra de strangers forever - w o l f c l u b
- letra de to the top - ya girl cash
- letra de october surprise - dr. ghost
- letra de paradise lost - brothertiger
- letra de verses on verses - actuallygonzo
- letra de symphony of destruction (live in buenos aires) - megadeth