
letra de pata heena (පාට හීන) - rod recordz
[verse 1 -young pami]
ආසයි ඉගිලෙන්න තටු දුන්නත් මට ආකාසේ
මේක මගේ වාරේ කිව්වේ හොර රහසේ
යනවා දවසක මල් සින්දු ගලවන් අහසේ
කියන්නේපා කව්රුත් යන්නේ හොර රහසේ
එපා මල්ලි වදන් pami කොහොමත් ඉන්නේ හිටන්
කව්රුත් යනවා ගලවන් බීපු උන් සරුවත්
ගියත් කව්රුත් ගලවන් එනවා යාලු හරවන්
හොයන්න වෙයි රටට ඕනේ විරුවන්
රැප තමයි ආසාවෙන් හොයා ගත්ත විෂය
හොයා ගත්ත අවිය ලියල දැන් කවිය
ආසයි මටත් ගිහින් එන්න උඩට
එපා ජාති වාදේ ලෝකේ උතුම් රටට
පුංචි කාලේ ඉදන් තිබ්බ මේක පොඩි හීනයක්
දෙවියොත් රවන්න බලන් හිටියා යාලු කාලයක්
දැනගෙන හිටියා එනවා කියලා මටත් ආයෙත් වාරයක්
පටන් ගත්ත r o d සිංහල rap වල සාදයක්
අඩුපාඩු මැදින් ආවේ පටන් ගැම්ම දුෂ්කරයි
වහලේ උඩ සිද්දිය මතක් වෙද්දී සුන්දරයි
ආවේ වෙනම රටාවක් හොයා ගත්තා කලාවක්
රැපෙන් දාද්දි සද්දේ හිතට ආවේ ගැම්මක්
එද්දී හිතට ගැම්ම pami පැනලා හිටියේ පිම්මක්
ඉපදුනේ රාගම තමයි ඒක ලොකු හයියක්
කාසි හොයන පූසි හොයන්නේ යාලු මචන් වාසි
නාඩි දාන යාලුවන්ව හොයා ගන්න ලේසියි
[chorus-vinosh]
පාට පාට හීන පාට හීන මවපු කාලේ
රැපින් අපි හීන පාට හීන මවපු කාලේ
කට්ට කාලා වතුර බීල ආව මේ පාරේ
rap or die කොල්ලෝ යන්නේ අපි ආව පාරේ
පාට පාට හීන පාට හීන මවපු කාලේ
රැපින් අපි හීන පාට හීන මවපු කාලේ
කට්ට කාලා වතුර බීල ආව මේ පාරේ
rap or die කොල්ලෝ යන්නේ අපි ආව පාරේ
[verse 2 – vinosh]
ආව පාරේ මේක රැපේ ආයු කාලේ
ආවේ ආරේ ලේ වලින්ම ආපු තාලේ
මල් ආරෙට හුරු උනොතින් බෙල්ල තියන්නේ රේල් පාරේ
රැපට හුරු උනොත් උබට සොමිය තියෙයි ඉන්න කාලේ
මෙහෙ එන්න ඉඳ ගන්න රැපක් අහ ගන්න
කන් පාඩම් කර මේක හොඳින් අහ ගන්න
දුක සැප ජීවිතය ඒකයි යථාර්තය
අදහපන් නොවරදියි බුදු ධර්මය
ගින්දර වගේ යන්තර මගේ මන්තර ඇසේ
චුති සිත පදනම වහලේ උඩ අන්තරේ
නමින් පෙරේරා නුවනක්කාරකම් මට ඇතේ
කුහක සිත් මාන්නය අපි ළඟ නෑ පුතේ
පුතේ පුතේ මේකයි අපේ පැත්ත
වහලේ උඩ ෆෑන්ස්ලා දනී අපේ ඇත්ත නැත්ත
කියන දෙයක් අල්ලන්නේපා ගොට්ට
හරිදේ කල නිසයි ගත්තේ අපේ පැත්ත
[verse 3 – sapz]
සියවස විසි එක පද ලිව්වේ එක දෙක
sapz වෙනසක් නිතරම යාලු ඒක මේක
අත හිත සැම මට රැප හට රට වට
පෙනුමෙන් rap මනින උන් අහන්නෙම ලට්ට පට්ට
අරක් ගෙන මගේ කට හෙළ rap භූමියේ
අඩන බල්ලෝ රැලක් මැද්දේ මම rap කූබියෙක්
කන්දක් තියන් rap කෙන්ද හොයනවාලු උන් බියෙන්
rap සමානයි මිසයිල පරදයිද දුනු හීයෙන්
නුතන තාක්ෂණයම බිහිකළේ මිනිසෙක්ව යාන්ත්රික
hollywood bollywood kollywood නෙවෙයි rap ඇවිත් තාත්වික
හබායන්නේ පඹයන් වගේ නොපෙනෙන බලවේග මාන්දවික
ගැඹුරු මුහුදේ ගිලෙන්න දෙන් නෑ අපි rap නාවික
රැපට බනින උන්ට ඇහෙන්නේ ඒකේ තියෙන කුනුහරපේ
ව්යං ගාර්ථ වැටහෙන් නෑ ඌ තනිකර කුලු හරකෙක්
කයිවාරු විතරයි ගොඩක් උන්ගේ ජීවිතේ නෑ ගුණගරුකේ
දඬුවම නැතිකම අත වනයි වැනසිල්ලට කාගේත් උන සුළු වරදේ
ඇඳුමින් මනින්න බෑ මිනිස්සු මනුස්සකම හදවතේ
පච්චෙනුත් බෑ හැප්පෙනු බෑ රැප්දෙනු බෑ මනුස්සකම හදවතේ
ලස්සන වැඩක් නෑ හදවත ලස්සන නැත්තන් ඇගේ ලිස්සනේ වතේ
විස්තර වැදගත් නම් එච්චර ඉස්සර කෙනාමයි ඉන්නේ කඩවතේ
කොපි කරන්න එපා තමන් තමන් වෙන්න යාලුවෝ
ජීවිතේ ලේසි නෑ උත්සහ කරන්න ඉන්න බැහැ සැහැල්ලුවේ
කඩා වැටෙන්නේ නෑ කෙනා කව්රු උනත් කාටත් හීල්ලුවේ
සංගීතයයි මනුස්සකමයි සොබා දහමයි මාව ඇවිලුවේ
[chorus-vinosh]
පාට පාට හීන පාට හීන මවපු කාලේ
රැපින් අපි හීන පාට හීන මවපු කාලේ
කට්ට කාලා වතුර බීල ආව මේ පාරේ
rap or die කොල්ලෝ යන්නේ අපි ආව පාරේ
පාට පාට හීන පාට හීන මවපු කාලේ
රැපින් අපි හීන පාට හීන මවපු කාලේ
කට්ට කාලා වතුර බීල ආව මේ පාරේ
rap or die කොල්ලෝ යන්නේ අපි ආව පාරේ
letras aleatórias
- letra de una setta - dargen d'amico
- letra de lost paradise - u-sif
- letra de come la neve - la stanza intelligente
- letra de мне говорили (i was told) - кишлак (kishlak)
- letra de them good ole country boys - them country boys
- letra de days - shachi
- letra de sorvetinho - naiara azevedo
- letra de mo foh - razzykapor
- letra de everything rides - yeah is what we have
- letra de paranoia - torauma