letra de premayen - keshan shashindra, kaushadhi, kalpana
Loading...
එපා යලි පායන්න – අඩ සඳක් වී ඉන්න
සියොළඟම දැවෙනවා ප්‍රේමයෙන්..
එපා අඩ සඳ වෙන්න – පුරා හඳ වී ඉන්න
නිවෙන්නට දැවෙන හද ප්‍රේමයෙන්..
අමාවක වී දැවෙමී – සැඟව යන්නට පතමී
පුරත් බැරි අවත් බැරි ප්‍රේමයෙන්..
සංසාර සිහිනයම දැවී අළු වී ගිහින්
කුළුදුලේ පිපුණු මල ප්‍රේමයෙන්..
රන් හුයෙන් බැඳි දෙ අතෙ වත්කළේ කඳුලක්ද
කෙණ්ඩියද පළුදු වූ ප්‍රේමයෙන්..
ගල් ගැසී හිමව්වක – උණුසුමක් සොයනා හද
නුඹද හිමී ඇයද හිමි ප්‍රේමයෙන්..
පින්සාර සුවඳක්ව රැඳී ගිලිහී ගිහින්
අහිමි වී හෙටක් යළි ප්‍රේමයෙන්..
කිරි සිනහා මැවු පැතුම සිහිනයේ මියැදෙයිද
අකල් වැසි ඇද හැලී ප්‍රේමයෙන්..
ජීවිතේ පහන් කළ – වසන්තය ගෙනෙනා ඉම
ඉර ද නුඹ සඳ ද ඇය ප්‍රේමයෙන්..
මඟක් ආ නිසා බැඳි ප්‍රේමයෙන්…
දුරක් ගිය නිසා විඳි ප්‍රේමයෙන්…
සමාවක් පතන්නද ප්‍රේමයෙන් …
letras aleatórias
- letra de bitch my hood love me - don krez
- letra de hideout - parcels
- letra de r.i.p. - slava
- letra de кругаля (round) - идефикс (ideefixe)
- letra de должен (dolzhen) - big russian boss & young p&h
- letra de yup - david rawlings
- letra de 噓 (shh) - jasmine sokko
- letra de husband - amigo the devil
- letra de house of glass - cage the elephant
- letra de the edict - ryelin