letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tolamian queen - eranga (එරා)

Loading...

කාලයේ අග්නියෙන් ගිනිගත්ත මරු කතර
හිරුදෙවිට කැප රජුන්’කම්කෙරූ බිම මිසර
ගික පැවතකින් පැමිණ සිහසුන් ලබා පවර
ටොලමියන් රූ රැජිණ අයිසිස් වෙසින් අසර

එකල ලොව රුවෙන් අග රැජිණ’යැයි නම්දැරුව
නෙත් අඳුන්, විලවුමෙන් පියවි ලොව නිදි කෙරුව
ගික රජුන්, බල ඇතුන් හිස හොවා දණ නැමුව
දැන් රැජිණ වහලියකි රන්කුටියෙ සිරකෙරුව

විෂඝෝර ඵණිදෙක්මි උණු මසට පෙම් බඳින
රැජිණටද මා අවැස ගත පුරා විඳගන්න
මුර කපොලු පසු කලෙමි සැඟව තුල ඵළ බඳුන
රූමතිය සැරසෙන්නෙ “සැනසුමක්” ලැබගන්න

දැත් යුග රන්සයන ඉහ අගට පමුණුවා
විපුල රණ තිසර අග විෂ තුඩින් කෙලෙසුවා
සිහින් ගෙල නා දෙතොල් ලවන් තෙත පතුරවා
ගත පුරා සිත දවන ජිව්හ යුෂ තැවරුවා

රූමතිය සිහින ලොව කෙඳිරියෙන් මුසපත්ව
සුර ලොවට ඔරු පදියි නා විෂෙන් මන්මත්ව
දෘඩ සරින් රළ බිඳෙන පසුළුයම හෝරාව
රන් සයන නිහඬවිය වතක් ඇත ගත පරව

letras aleatórias

MAIS ACESSADOS

Loading...